2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

කැරලි කෝලාහල වැඩවර්ජන අපරාධ ඉහළට

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 157

2016 දෙසැම්බර් 11 වන රවි දින එනම්, අද දින සවස හය පසුවී විනාඩි 56ට අඟහරු තමාගේ රජ ගෙදර වූ මකර රාශියෙන් නික්ම කුම්භ රාශියට මාරුවනු ඇත. 2017 ජනවාරි මස 20 වන දින සවස 1.47 දක්වාම අඟහරුට අයත් දෙනට නැකතේ තුන්වන හා හතරවන පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් ගුරුට අයත් වූ පුවපුටුප නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් මෙසේ ගමන් කරනු ඇත.

අඟහරු කුම්භ රාශියේ ගමන් කිරීම අප රටට අයහපත්  බලපෑම් ඇතිවනු ඇත. මහජනයා අතර විප්ලවකාරී ස්වභාවයක් ඇතිවන අතර කැරලි කෝලාහල වැඩවර්ජන කිරීම් මෙන්ම අවි ආයුධ භාවිතයෙන් අපරාධ සිදුකිරීම්ද ඉහළ යයි. මහජනයා රැස්වන ස්ථානවල මෙන්ම යම් යම් ගොඩනැගිලි ආශ්‍රිත හදිසි ගිනිගැනීම්ද සිදුවීමට ඉඩ වැඩිය. හදිසි අනතුරු බිහිසුණු අනතුරු වැඩි වශයෙන් වාර්තා වන්නාවූ වකවානුවක් වනු ඇත.

විදේශීය වශයෙන් සිදුවන්නා වූ බලපෑම් විමසා බැලීමේදී ප්‍රබල දේශපාලන පක්ෂයක් බිඳවැටීමට ඉඩ තිබේ. පාර්ලිමේන්තු කටයුතු ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තාවනු ඇත. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ටද අශුභවන අතර ගැටුම් මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් වාර්තා වෙයි. යාත්‍රාවක් අනතුරට පත්වීමක්ද, අධ්‍යාපනික හා විනෝද ස්ථාන ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාර මෙන්ම ගිනිගැනීම් ද සිදුවීමට නියමිතය. 

මේෂ - නම ප්‍රසිද්ධියට
ඔබට යහපත් වන අතර ඔබගේ නම අන් අය අතර ප්‍රචලිතවීමත්, හදිසි ලාභ ලැබීම්ද ඇතිවන්නාවූත් වකවානුවකි. අනවශ්‍ය ප්‍රශ්නයක් මත හදිසි වියදමක් යෙදිය හැකි බැවින් කල්පනාකාරී වන්න.


වෘෂභ - භූමි ලාභ ලැබේ
ඔබට යහපත් ඵල උදාවනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත්වනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වනු ඇත. රුකියාවේද උසස්වීම් ඇතිවේ.

මිථුන - ලාභ අඩුවේ
ඔබ කරන කටයුතුවලින් ලැබෙන ප්‍රයෝජන අඩුවන, අතපසුවීම් බහුල කාලයක් වනු ඇත. ව්‍යාපාරිකයන්ගේ ලාභ පහළ බසී. අසත්‍ය තොරතුරැ තමාට ලැබීම නිසා කැළඹිලි ගති ඇතිවේ.

කටක - ශරීර පීඩා
ඔබට අයහපත් ඵල උදාවනු ඇත. හිත මිතුරන්ගේ කරදර ඇතිවන්නා වූ කාලයක් වේ. හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. රුකියා ස්ථානයේද ප්‍රශ්න ඇතිවන අතර ස්ථානීය වෙනසක් සිදුවිය හැක.

සිංහ - සමගියට බාධා
පවුල් ජීවිතයේ සමගියට බාධාවීම් වාර්තා වනු ඇත. තමන් කිරීමට යන කටයුතු සඳහාත් බාධාවීම් ඇතිවනු ඇත. ව්‍යාපාරිකයන්ට ලාභ අඩු වේ.

කන්‍යා  - නොබියව ඉදිරියට
යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වේ. සතුන්ගෙන් හදිසි ශරීර පීඩා ගෙනදෙනු ඇත. ලේ දෝෂ, ආහාර විෂවීම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු වේ.

තුලා - පවුලේ සමගිය
විරැද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදී යන වකවානුවක් වනු ඇත. හදිසි කේන්ති ගතියෙන් නිතර පසුවනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ.

වෘශ්චික - උරැමකම් ලැබේ
තම මතයට අනුව ක්‍රියා කරයි. ඉඩකඩම් ලැබීමටත් උරැම හිමිකම් ලැබීමටත් වාසනාව හිමිවනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවන අතර, භූමිය ආශ්‍රිතව කටයුතුවල නියැලී සිටින අයට යහපත්ය.

ධනු - නිර්මාණශීලී අදහස්
තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරනු ඇත. නිර්මාණශීලී අදහස් ඇතිවේ. සිතේ කේන්ති ගතියෙන් යුක්තව අන් අය නොරිස්සන ස්වරෑපයක් දක්නට ලැබේ.

මකර - ලිංගික ආකර්ශනය
තම දේ රුකගෙන කටයුතු කරයි. විරැද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත. හදිසි ශරීර පීඩා, ලේ දෝෂ ඇතිවනු ඇත.

කුම්භ - ඍජු තීරණ
යම් යම් කටයුතු සඳහා ඍජු තීරණ ගනිමින් ඉදිරිපත්වීමේ ගතියෙන් යුක්ත වේ. උරැම හිමිකම් ලැබෙනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවේ.

මීන - තැති ගැනීම් 
අසත්‍ය කටකතා නිසා තැතිගැනීම්වලට ලක්වනු ඇත. සතුරැ කරදරවලට නොබියව ඉදිරිපත් වනු ඇත. ව්‍යාපාරිකයන්ට ලාභ අඩු වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර් යේෂණායතනය
ඔලබොඩුව ගෝනපල